දේශීය පුවත්

මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැද්ද යන්න තීරණය කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද (11 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ විශේෂඥයින්ගේ, දේශපාලන පක්ෂවල උගතුන්ගේ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ ද වාර්තා සමගය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම්පත මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස් වූ පසු ඊට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුතු ඉදිරියට ගෙන යෑමටත්, ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුත්ත නවතා දැමීමටත් පියවර ගන්නා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More