රට බෙදන රට විකුණන ජාතිය පාවාදෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්‍ෂව ඡන්දය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලනයෙන් සදහටම අතුගා දැමීම සඳහා ඔවුන්ට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීමට මහා සංඝරත්නය ගෙන් ගෙට වැඩම කිරීමට අපේක්‍ෂා කරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එසේ පැවැසුවේ ඊයේ (10 දා) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ‘පැවිදි හඬ’ මාධ්‍ය හමුවේදීය.
රටේ ජනතාව බදු බරින් මිරිකෙමින් බොහෝ අවශ්‍යතාවලින් පෙළෙමින් සිටියදී ඒ පිළිබඳව අවධානය යොමු නොකර ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට වූ පොරොන්දු ඉටුකිරීම සඳහා මෙම ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එන බවත් මෙබඳු ව්‍යවස්ථාවකට සහයෝගය දෙන බවට පොරොන්දු වූවා නම් මහින්ද රාජපක්‍ෂ මහතාට ද දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට තිබූ බවත් උන්වහන්සේ පැවැසූහ.
1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව හේන්පිටගෙදර ඤාණසීහ, බද්දේගම විමලවංශ, මැදගොඩ සුමනතිස්ස වැනි හිමිවරුන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලා 7 නමක් කටයුතු කළ ආකාරයට සහ 1987 දී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව අස්ගිරි පාර්ශවයේ මහානායක පලිපාන චන්දානන්ද මහානායක හිමි සහ අමරපුර නිකායේ මහානායක මඩිහේ පඤ්ඤාසීහ හිමියන් කටයුතු කළ ආකාරයට මෙම අවස්ථාවේදීත් මෙම ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා කටයුතු කරන බවද උන්වහන්සේ කියා සිටියහ. අටපිරිකර පලතුරු වට්ටි රැගෙන මහානායක හිමිවරුන් හමුවීමට එන දේශපාලනඥයන්ට මෙම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ලෙස අනුශාසනා කරන ලෙසද ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...