දේශීය පුවත්

රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබෙන කොන්දේසි හේතුවෙන් මෙතෙක් කලක් එම තනතුරු දැරූ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට තනතුරු අහිමි වී තිබේ.

සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයන් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා නිකුත් කර තිබිණ.

එම චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් දැරීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ විදේශ විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා තිබීම අනිවාර්ය වන අතර එවැනි තනතුරක් දරන පුද්ගලයෙකු වයස අවුරුදු 70කට අඩුවිය යුතුය.

මීට අමතරව වෘත්තීමය හා කළමණාකරන මට්ටමේ අත්දැකීම් තිබිය යුතු අතර අදාළ සේවයේ වසර 10ට වැඩි වෘත්තීය පළ පුරුද්ද තිබීම විධායක මට්ටමේ වසර 10කට වඩා අද්දැකීම් ඇති විශ්‍රමික රාජ්‍ය නිලධාරීන් වීම කර්මාන්ත කෘෂිකර්ම ව්‍යාපාරික හා කළමණාකරන ආදී අංශයක විශේෂ නිපුණතාවයක් ඇති තැනැත්තකු වීම කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පුද්ගලික සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස සේවය කර ඇති තැනැත්තකුවීම ආදී ලෙස සුදුසුකම් තිබිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මීට අමතරව එම චක්‍රලේඛයට අනුව ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් දරන්නෙකුට රාජ්‍ය ව්‍යවසාය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු විය නොහැකි බවටද කොන්දේසියක් පනවා ඇත.

මීට අමතරව අධ්‍යක්ෂවරයෙකුට රාජ්‍ය ව්‍යවසායන් තුනකට වඩා එකවර අධ්‍යක්ෂධූර නොදැරිය යුතු බවද අධ්‍යක්ෂධූරයක් වසර තුනකට වඩා වැඩි නොවිය යුතු අතර එකම අධ්‍යක්ෂධූරයක් දැරිය හැකි උපරිමවාර ගණන 3ක් විය යුතු බවටද කොන්දේසියක් පනවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More