විදේශ පුවත්

අමෙරිකානු රජයේ මෙම වසරේ අයවැය සම්මත කර ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ එරට ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයින් අතර අද පැවැති සාකච්ඡාවත් එකගතාවයකින් තොරව අවසන් වුණා.

අසාර්ථක සාකච්ඡාවටයෙන් ඉවත්ව ගිය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් පැවසුවේ මෙවන් සාකච්ඡා සඳහා සහභාගී වීම සිය කාලය කා දැමීමක් බවයි.

කෙසේවෙතත් මෙම අයවැය අර්බුදය හේතුවෙන් අමෙරිකානු රජයේ කටයුතු අද 19වන දිනටත් අකර්මන්‍ය වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව එරට රාජ්‍ය සේවකයින් ලක්ෂ 8කට පමණ වැටුප් ගෙවීම ද මේවනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙම අර්බුධය උද්ගත වූයේ අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව හරහා ඉදිකිරීමට යෝජිත තාප්පය වෙනුවෙන් මෙවර අයවැය හරහා මුදල් වෙන් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යෝජනා ඉදිරිපත් කිරීමත් සමගයි.

ඒ සඳහා අමෙරිකානු කොංග‍්‍රසය නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පාක්ෂිකයින් දැඩි විරෝධය පළ කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More