මුහුණු පොතෙන්

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිනිසුන්ට වැලඳිය හැකි සුනඛ රෝගයක් පිළිබඳව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ.

ට්‍රිපනසොමා නම්වූ මෙම සුනඛ රෝගය පිළිබඳව මුලින්ම වාර්තා වූයේ බලංගොඩ ප්‍රදේශයෙනි.

ඇස්වල පවතින් රෝගී තත්ත්වයක් හේතුවෙයන් මීට මාස කිහිපයකට පෙර බලංගොඩ ප්‍රදේශයේ නිවසක සිටි ඇල්සේෂන් වර්ගයේ සුනඛයෙකු වෛද්‍යවරයෙකු වෙත යොමුකර තිබේ.

සුනඛයාගේ රෝග ලක්ෂණ පිළිබඳව සැලකිළිමත් වූ වෛද්‍යවරයා රෝගය පිළිබඳ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර එහිදී සිදුවූ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී ට්‍රිපනසොමා නම්වූ මෙම රෝගය සුනඛයාට වැළඳී ඇති බවට තොරතුරු අනාවරණ වුණි.

පසුව මුලතිව් ප්‍රදේශයේ නිවසක සිටි ඇල්සේෂන් වර්ගයේ සුනඛයෙකුටද මෙම රෝගය වැළඳී ඇති බවට හෙළි වී තිබේ.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා සඳහන් කළේ ට්‍රිපනසොමා නමින් හඳුන්වන මෙම රෝගය අප්‍රිකානු ජනතාව අතර පවතින් බවට සාක්ෂි හමුවී ඇති බවයි.

ටෙට්සෙ සහ කිසින් බග් යන රෝගවාහක මදුරුවන් අතරින් කුමන සත්ත්වයා විසින් මෙම රෝගය ව්‍යාප්ත කරනවාද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව වාර්තා වෙයි.

මෙහි රෝග ලක්ෂණ ලෙස සුනඛයින්ගේ ඇස් පෙනීම දුර්වල වීම, ඇස් සුදු පාට වීම හෝ සමේ රෝග ඇතිවිම හඳුනාගත හැකියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More