දේශීය පුවත්

බැදුම්කර මගඩිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සමස්ථ නායකත්වයම වගකිව යුතු බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

“2015 පෙබරවාර් මස 26 වෙනිදා මහ බැංකුවේ පවත්වනු ලැබු රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සියළු දෙනා සහභාගි වෙලා තියනවා. මහලේකම් කබීර් හෂීම් සහභාගි වෙලා තියනවා. පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක සහභාගි වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි. ඇමතිකමක් තියා මන්ත්‍රිකමක්වත් නැති මලික් සමරවික්‍රම ඒකට සහභාගි වෙනවා. මලික් සමරවික්‍රම කොහොමද මහ බැංකුවේ තීන්දු තීරණ ගන්න සහභාගි වෙන්නේ. එයා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරින් ටික අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකතු වෙලා මේ තීන්දු තිරණ ගත්තා. මේ අය මහ බැංකුවට කියනවා නෑ අපිට බිලියන 10 ක් ඕන. ඉදිරි කාලයට පොලිය 9.5 යි. නෑ අපි 12.5 දෙනවා කියලා තින්දු කරනවා. එතකොට ඒ ගණුදෙණුවට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැද්ද? එක්සත් ජාතික පක්ෂයට මිදෙන්න පුළුවන්ද මේකෙන්,” නීතිඥ කල්‍යාණන්ද විමසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More