දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක සිටි විමල් වීරවංශට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ඉල්ලීම පරිදි අද (10) පළමු පෙළ ආසනයක් ලබාදී තිබුනි.

විමල් වීරවංශ මහතා පළමු පෙළ ආසනයකට පැමිණිමත් සමඟ එතෙක් පළමු පෙළ ආසනයක සිටි අනුර ප්‍රියදර්ශන යාපා හට දෙවන පෙළ ආසනයකට යාමට සිදුව තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස විපක්ෂයේ අසුන් ගන්නා ලදි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය එවිට ආසන සකස් කරන්නේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙල මතය.

එහිදි විමල් වීරවංශට හිමිව තිබුණේ සභාවේ විපක්ෂයේ දෙවළ පෙල 34 වෙනි අසනයය. අනුර ප්‍රියදර්ශන යාපාට පළමු පෙළ 13 වෙනි ආසනය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අනුව ලබාදී තිබුනි.

නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීරගේ ඉල්ලීම මත විමල් වීරවංශට දෙවන පෙළ 34 වන ආසනයේ සිට පළමු පෙළ 13 වෙනි ආසනය හිමිවූ අතර පළමු පෙළ 13 වෙනි ආසනයේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා 13 වෙනි ආසනයේ සිට දෙවන පෙළ 21 වෙනි ආසනය දක්වා පසුබැසීමට සිදුව තිබේ.

පළමු පෙළ ආසනයකට පැමිණි විමල් විරවංශ එහි සිට මාධ්‍ය ආයතන වෙත කලු ඇදගත් කණ්ඩායම් පැමිණ ඇති බව කියමින් රීති ප්‍රශ්නයක් ද මතු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More