ඇන්ටොනොව් 32 ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර 37 දෙනකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි එල්ටීටීඊයේ මිසයිල බලඟනයේ සාමාජිකයන් දෙදෙනකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වසර 185 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප‍්‍රාහාරයක් එල්ල කර අැතැයි නඩුවේදී කියැවිණි. මිසයිල ප්‍රහාරය එල්ල කර ගුවන් යානය බිම හෙළන අවස්ථාවේ ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් සහ යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනෙකු සිට ඇත.
මෙම සැකකරුවන්ට නීතිපතිවරයා වෙන් වෙන්ව අධිචෝදනා 37 බැගින් ගොනු කර තිබුණු අතර එම සියලුම චෝදනාවලට සැකකරුවන් දෙදෙනා වරද පිළිගත්හ.
2000 වසරේ මාර්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක මෙම අපරාධය සිදු කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...