දේශීය පුවත්

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

කිලිනොච්චි පොලිසිය විසින් පලෙයි ප්‍රදේශයේ දී ලංකාවට රහසිගතව ගෙනා කේරල ගංජා නමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගන්න වැටලීමක් කරනවා. ඒ අවස්ථාවේ මේ ජාවාරම් කරුවන් පොලිසියට පහර දෙනවා. නමුත් මේ අය අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙනවා. පොලිසියට පහර දෙන්න තරම් හයියක් ජාවාරම්කරුවන්ට ලැබුණේ කොහොමද කියන එක හෙලි වෙන්නේ මේ අපරාධකරුවන් පොලිසියිට ගෙනාවට පස්සේ.

නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සංධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පොලිසියට කතා කරලා මේ පිරිස තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කරනවා. මේ අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසියට තදින් බැන වදිනවා. මේ පිළිබඳ පොලිස්පති විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන නිසා මේ පිළිබඳ මීට වඩා මම විස්තර කියන්නේ නෑ.

ලංකාවට කේරල ගංජා එන්නේ යාපනය හරහා බව නොරහසක්. පොලිස් බලතල උතුරට ලබා නොදී දෙමළ සංධානයේ හැසිරීම මෙහෙම නම් පෙඩරල් ව්‍යවස්ථාව හරහා පොලිස් බලතල ලබා දුන්නොත් කෙසේ වේවිද? සුමන්තිරන් මන්ත්‍රිතුමා නිරන්තරයෙන් පොලිස් බලතල ඉල්ලන්නේ පොලිසියේ බාධාවකින් තොරව ගංජා ජාවාරම කරන්න ද කියා අපි ඔහුගෙන් ප්‍රශ්න කරනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More