දේශීය පුවත්

උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී ඊයේ දිනයේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

එහිදී සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ප‍්‍රදේශයේ දේශපාලන නායකයින් සහ රාජ්‍ය ආයතන වල ප‍්‍රධානීන්ගේ ආශිර්වාද ලබා ගනිමින් ආණ්ඩුකාරතුමන් තම ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළේය,

උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්, ඉලංගෝවන් මහතා විසින් නව ආණ්ඩුකාරතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පිළිබඳව උතුරු පළාත් සභා හිටපු සභාපති ක්‍ගඪගණග සිවඥානම් මහතා ප‍්‍රකාශ කළේ දමිළ ජාතිකයෙකු ආණ්ඩුකාරවරයා වශයෙන් පැමිණීම සම්බන්ධයෙන් තමා ඇතුළු සියලූ දෙනාම සතුටට පත්වන බවත් ඉදිරියේදී සිදු කරන වැඩ කටයුතු වලදී සියලූ දෙනා එකතුවී කටයුතු සිදු කළ යුතු බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.

එහිදී අදහස් දැක්වූ යාපනය නගරාධිපති ඊ, ආනෝල්ඞ් මහතා,

අපේ කෙනෙක් යාපනයට පැමිණීම පිළිබඳව තමන් සතුටට පත්වන අතර යාපනයේ ඇති අඩුපාඩු, ප‍්‍රශ්ණ හා ගැටළු විසඳීමට ආණ්ඩුකාරතුමන්ගේ සහයෝගය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළ අතර ඉදිරියේදී සිදු කරන සියලූම වැඩ කටයුතු සඳහා උපරිම සහායය ලබාදෙන බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය

තවද අදහස් දැක්වූ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එස් තවරාසා මහතා,

පසුගිය කාල සීමාව තුල ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පළාත පාලනය කළත් දේශපාලන නායකයන් විසින් ඔවුන්හට ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබා නොදුන් අතර එම ආණ්ඩුකාරවරුන්ගෙන්ද ප‍්‍රයෝජනයක් ලබා ගැනීමක් ද සිදු නොවුන බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

‘නීතිය නැති තැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත. සිංහල දමිළ අපි සියලූ දෙනා එකතුවී වැඩ කල යුතුයි. එළඹෙන අපේ‍්‍රල් මාසයට පෙර උතුරු පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල නාම පුවරු, දැන්වීම් පුවරු සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම තිබිය යුතුය. දකුණින් උතුරට පැමිණෙන ජනතාව වෙනුවෙන් සහ උතුරේ ජීවත්වන දමිළ ජනතාව වෙනුවෙන් මෙම භාෂා දෙකෙන්ම දැන්වීම් පුවරු හා නාම පුවරු ප‍්‍රදර්ශනය කිරීම ඉතා වැදගත්.

කේන්ද්‍රය ශක්තිමත් කර පරිධියේ සිටින ජනතාව ගැන සොයා නොබැලීම අහිංසක ජනතාවගේ අයිතිය උදුරා ගැනීමක් බව පැවසූ ආණ්ඩුකාරතුමා ඉදිරියේදී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සිදු කිරීමට සහයෝගය ලබාදෙන ලෙසද ප‍්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාතේ ති‍්‍රවිධ හමුදාව හා පොලිසීයේ නිලධාරීන්ද සියලූම රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ද දේශපාලන නායකයින්ද උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ සියලූම නිලධාරීන් හා සේවකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

– වජිර කොඩිතුවක්කු



One thought on “අපේ‍්‍රල් මාසයට පෙර උතුරේ සියලූ නාම පුවරු සිංහලෙන් දෙමළෙන් – නව ආණ්ඩුකාර වැඩ අරඹමින් කියයි..”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More