පුරවැසි කොලම

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්/COPE – The Committee on Public Enterprises) යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාව වේ.

2015 මෙම කෝප් කමිටුව සභාපති ලෙස පත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පිං මන්ත්‍රීධුරයක් දරණ සුනිල් හදුන්නෙත්තිය. හදුන්නෙත්ති පකත්කරන්නේ ජවිපෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වී තර්ජනය කර ඉවත් කළ හිටපු විගණාකාධිපති සරත් මායාදුන්නේ මහතාගේ පුරප්පාඩුවටය. මායා දුන්නේ මහතා ඉවත් කරන්නේ ඇයි? සුනිල්ව ඒතැනට පත් කරන්නේ ඇය? මේවා නිකන්ම සිදුවන්නක් නොව. මේ කතාවේ යට සැගවුන කතාවක් ඇත.

2015 ජනවාරි 8න් පසු පත්වෙන අලුත් ජනාධිපති වරයා විසින් අලුත් අගමැති කෙනෙක් අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගනී. ඒ විතරක් නෙවි කැබිනට් මණ්ඩළයටත් ඉහළින් තීරණ ගන්නා ජාතික විධායක කමිටුවක්ද නිර්මාණය කළේය. ජවිපෙ මෛත්‍රීට කළ උපකාරය නිසා මෛත්‍රී ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කළත් ජවිපෙ එසේ නොකර වෙනත් ආකාරයකින් ආණ්ඩුවට සහයෝගය දෙන තැනක් නිර්මාණය කර එතැන සිට ආණ්ඩුවට සහයෝගය දෙන්න කළින් සිට තිබුන සැළසුම මෛත්‍රීට කීවේය. ඒ අනුවය විධායක කමිටුවක් නිර්මාණය වන්නේ. ඉතින් ජවිපෙ මේ විධායක කමිටුවේ සාමාජිකත්වය ගත්තේ 2015 ජනාධිපතිවරණයේ නපුන්සක තීරණයත් එය මෛත්‍රී දිනවීමට ගත් තීරණයත් යන දෙකම එකට තියාය. ජවිපෙ රෙදි ලිහා ගත්තේ මෙතැනදීය. ඒ ජවිපෙ මේ විධායක කමිටුවේ සිටියදීම මහබැංකුවට රනිල් විදින්නේ ජවිපෙ කනින් රිංගලාය. ඒ වන විට දින 100 කාලයේ බහුතරය තිබුනේ විපක්ෂයටය. වැඩේ මාට්ටු විය. අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සැරසුනේය. ඉක්මනින් අ‌ාණ්ඩුව විසුරුවන්න මෛත්‍රී තිරණය කළාය. මේ සියල්ල සිද්දවෙන්නේ ජවිපෙද දැනුවත්වය.ජවිපෙ මේ සියළු දෙයින් වාසි ගැනීමට ඉල්ලමක් කරගැනීමට සැළසුමක් දියත් කළේය. ඒ ආණ්ඩුවේ නොවන පාර්ලිමේන්තුවේ සැළකිය යුතු තනතුරු ප්‍රමාණයක් ඔවුනට ලබා ගැනීමටය. ඒ සදහා අනුර රනිල් හා දිගින් දිගට කතාකරන්නට විය. රනිල්ට අවශ්‍ය වුණේ මහබැංකුවේ හොරකම අනිවාර්යයෙන් මැතිවරණයෙන් පසු ඇදෙන නිසා එයින් බේරිමට මගක්ය. රනිල්ව බේරගන්න පුලුවන් වෙන්නේ රනිල් විශ්වාසයි යන්න රටට තහවුරුවක් හදන්න පුලුවන් කණ්ඩාමකට මේක බාර දීමෙන් පමණක් යැයි අනුර හා රනිල් අතර කතා වන්නට විය. එසේනම් මෙය කළ හැක්කේ කාටද? මෙය කළ හැක්කේ ජවිපෙට බව රනිල් කියන්නට විය. රනිල් ඒකට ජවිපෙට උපදෙසක් දුන්නේය. ඒ ජවිපෙන් කෙනෙකු කෝප් කමිටුවට පත්කර රනිල් මේ උගුලෙන් ගලවා ගැනීම කරන ලෙසය. අනුර ඇසුවේ එය කරන්නේ කෙසේද යන්නය. හරි මම කියන්නම් මේ මූල්‍යය වංචාව පිළිබද රට පිළිගත්තු කෙනෙක් රනිල් මෙයට සම්බන්ධ නැහැ කියා කිව්වොත් හරි. ඒ සදහා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට හරහා මෙය කළ හැක්කේ යැයි පැවසීය. එවිට අනුර පැවසුනේ මේ කමිට‌ුවේ සභාපති ලෙස විජිත හේරත් හෝ බිමල් පත් කරමු යැයි කියාය. රනිල් පැවසුවේ නැහැ එහෙම නෙවි මේකට සුදුසම පුද්ගලයා තමයි සරත් මායාදුන්නේ හෝ ක්‍රිෂ්මාල් යන දෙදෙනාගෙන් කෙනෙක් බවය. මේ දෙදෙනා ටික කාලයක් සිට ජවිපෙ සමග හාදකමක ඉන්න බව රනිල් දන්නා බව අනුරට ඉගි දුන්නේය. ඒ හරහා තමය් සරත් මායාදුන්නේ සහ ක්‍රිෂ්මාල් දෙදෙනා ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරන් ලෙස තෝරාගන්නේ. ඒත් මහ මැතිවරණයෙන් පසු ක්‍රිෂ්මාල් හැලුවේය. ඒ ක්‍රිෂ්මාල් සෘජුව එජාපය හා සම්බන්ධකම් පවත්වා ඇති නිසාත්, එය ඒ වෙද්දීද නොනවත්වා ඇති නිසාත් ඔහුට මන්ත්‍රීධුරය දීමට ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් අනුමැතිය නොදුන්නේය. සරත් මායාදුන්නේ මහතාව පත්කිරීමට තීරණය විය. ඒ ‌පෙර සැළසුමට අනුව කෝප් කමිටුවේ සභාපති කමටය. මේ නිකන්ම නිකන් මනුස්සයෙකු නොව මේ හිටපු විගණාකාධිපතිය. අනුරගේ හා රනිල්ගේ සැළසුම කොතෙක්ද කිව්වොත් මායාදුන්නේ මහතා ලවා කොස්ඇට බෑවීමේ සැළසුමක් තමයි මේ ක්‍රියාත්මක වන්නේ. හිටපු විගණාකාධිපති මේ කෝප් කමිටුවේ සභාපති කමට පත්කර ඔහු ලව්වා රනිල්ට සුදුහුනු පාරක් ගෑවානම් හරියටම හරි යන්න සුපිරි සැළසුම සැළසුම් කළේය. මේ බව මායාදුන්නේ මහතා දන්නේ නැත. මායාදුන්නේ මහතා හා අනුර පෞද්ගලික හමුවකින් පසු අනුර මායාදුන්නේ මහතාට මේ බව කීවේය. ඒ වන විට මායාදුන්නේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මැතිවරණ කොමසාරිස් වෙත දන්වාද අවසන්. අනුර මේ බව මායාදුන්නේ මහතාට කිව්වේය. මායාදුන්නේ මහතා ගත්විටම කිව්වේ නැහැ කියියටවත් මම රනිල්ට මේකෙන් ගැලවෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේක බලපු හැටියම තේරෙනවා මේ සැළසුම ක්‍රියාත්මක කළේ රනිල් බවත් අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ මේකේ ඉත්තෙක් බවත්ය. අනුරට මළ පැන්නේය. හරි එහෙනම් බලමු මන්ත්‍රීකම කරන විදිය. සිද්ධිය රනිල්ට කීවේය. රනිල් මේකට සැළසුම හැදුවේය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුරත් කෝප් කමිටුවට හදුන්නෙත්තිවත් නම් කළේය. මායාදුන්නේව කෙසේ හෝ බයකර එලවා ඒ වෙනුවට හදුන්නෙත්තිව පත්කිරීමේ සැළසුම එතැන් සිට ක්‍රියාත්මක විය. සැළසුම එසේම සිද්ද විය. මායාදුන්නේ මහතා පාර්ලිමෙන්තුවට දිව්රුම් දෙන්නටද ආවේ නැත. පසුව කෙසේ හෝ බයකර ගෙන්වා එදිනම ඔහුව ඉල්ලා අස්වන බවද කීවේය. ඒ අස්සේ පුහුල් හොරා කරෙන් දැනේ ලයින් එකක්ද පිටවිය. ඒ මායාදුන්නේ මහතා ලව්වා ජවිපෙ කියන්නට කීවේ මේ ඉල්ලා අස්වීම සදහා කිසිදු ආකාරයේ බලපෑමක් සිදුනොවූවාය යන්නය. මායාදුන්නේ මහතා එය එසේ කළේය. ඒ මායාදුන්නේ මහතාව එතැන්ට බය කළ නිසාය. සැළසුමට අනුව මීළගට සිදුවන්නේ හදුන්නෙත්ති පත්කිරීමය හදුන්නෙත්ති කියන්නේ ඉතින් පතෝල වර්ගයේ නිසා අනුර රනිල්ට කිව්වේ මේක හදුන් කෙසේ හෝ කරයි යන්නය. අනුර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වි ආණ්ඩුවට කඩේ ගියේය. හදුන් කෝප් සභාපති වී රනිල් බේරාගැනීමේ උපරිම කාර්යය කළේය. අද වෙද්දී එය සක්සුදක්සේ පැහැදිලියි නේද? රනිල් මේ උගුලෙන් ගැලෙව්වේ ජවිපෙ සැළසුමට අනුව බව..

www.lankakelamnews.blogspot.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More