ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (01.07) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුයේ පුරප්පාඩු වී පවතින උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කර තිබූ නිර්දේශයන් පිළිබඳවය.
ඒඅනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.
එමෙන්ම, පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ගරු ජනාධිපති තුමන් විසින් මින් පෙර නිර්දේශ කරන ලදූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන් ද (01.07 ) රැස්වීමේ දී යලි තහවුරු කරන ලදී.
ඒ අනූව ගරු ජනාධිපතිතුමාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර 04 ක් සඳහා (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර 03, අභියාචනාධිකරණ විනිසුරු ධුර – 01) නව පත්වීම් සිදු කිරීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සහභාගී වූ සාමාජිකයන්
කථානායක කරු ජයසුරිය මහතා – (සභාපති)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – (සාමාජික)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා – (සාමාජික)
ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය – (සාමාජිකා)
පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා – (සාමාජික)
ජයන්ත දනපාල මහතා – (සාමාජික)
නාගානන්ද සෙල්වකුමාරන් මහතා – (සාමාජික )
ජාවේඩ් යුසුෆ් මහතා – (සාමාජික)
– කථානායක මාධ්‍ය ඒකකය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...