දේශීය පුවත්

පන්සල් ගානෙ යමින් බුදුදහමට ප්‍රමුඛතාව දෙනව, රටේ ඒකීයභාවය ආරක්ෂා කරනව කියල කියන ගමන් ගෙන එන බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාවට සහාය පළ කරන සියලු දෙනාම දේශද්‍රෝහීන් වශයෙන් පමණයි සැලකිය හැකි වෙන්නෙ යැයි ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම ප්‍රකාශ කළේය.

හෙතෙම ඒ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (08දා) පිටකෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

එහිදී කල්‍යානන්ද තිරාණගම මහතා මෙසේද පැවැසීය.

2019 වසර ශ්‍රී ලංකාවේ පැවැත්ම පිළිබඳ තීරණාත්මක වසරයි. මේ රට තවදුරටත් ශ්‍රී ලංකාව ලෙස පවතීද කියන සැකය මතුවෙනවා.

එම්.ඒ. සුමන්තිරන් නමැති දෙමළ සන්ධාන මන්ත්‍රි නිසයි මේ ආණ්ඩුව රැකිලා තියෙන්නෙ. පෙබරවාරි 4ට පෙර නව ආණ්ඩු ක්‍රමයක් ගෙන එන බව ඔහු කියනවා. ඒ අතර ව්‍යවස්ථාවට සංශෝධනය ගෙන එන බව ජවිපෙ කියනවා. ජවිපෙ සැබෑ අරමුණ විධායක ජනාධිපති බලතල ඉවත් කොට විධායක බලතල රනිල් වික්‍රමසිංහට දීමයි. ඒ වගේම දෙමළ සන්ධානයට ෆෙඩරල් පාලනයක් දීම ඔස්සේ රට බෙදීමේ මූලික පියවර ගැනීමත් එහි අනිත් අරමුණයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උප සංශෝධනයට දෙමළ සන්ධානය පක්ෂ බව දැනටමත් ප්‍රකාශ කොට අවසන්. නව ව්‍යවස්ථාව ගෙන එනවාට ජනතාව විරුද්ධ වුණත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනව කියලයි 20 සංශෝධනය ගේන්නේ.

බුදුදහමට ප්‍රමුඛතාව දුන්නා කියල අද උතුර නැඟෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරන්න බාධාවක් වෙලා නැහැ. ෆෙඩරල් පාලනයක් ඇති කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය බාධාවක් වෙලා නැහැ.

ෆෙඩරල් ව්‍යවස්ථාවේ බය තුරන් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පන්සල් ගානේ යනවා. උතුර නැඟෙනහිර එක්කරන විසඳුමකට රනිල් වික්‍රමසිංහ පොරොන්දු වුණේ 2006දී.

ෆෙඩරල් පාලනය සමඟ මුස්ලිම් පාලන ප්‍රදේශයකුත් ඇති වෙනවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සමඟ ගිවුසුමක් ඇති බව බසීර් සේගුදාවිද් ප්‍රකාශ කොට තිබෙනවා.

ජනමත විචාරණයකට යන බව ඇතමෙක් කියනවා. ජනමත විචාරණයකට යන්න පෙර පාර්ලිමේන්තුවේ 2/3 ගත යුතුයි. ශ්‍රීලනිප මන්ත්‍රින් 21ක් මේ සඳහා සහාය දෙන බව දෙමළ සන්ධානයේ සුමන්තිරන් දැනටමත් ප්‍රකාශ කොට තිබෙනවා. අය-වැයකට ඡන්ද ගන්න කෝටි 2ක් දුන්න නම්, විශ්වාසභංග යෝජනාවට ඡන්ද ගන්න කෝටි 10ක් දුන්නා නම් වාර්ෂිකව ඩොලර් බිලියන 400ක් ආදායම් ලබන දෙමළ ඩයස්පෝරාවට කෝටි 100ක් බැගින් වුණත් මන්ත්‍රිවරයකුට දීම ප්‍රශ්නයක් නොවෙයි.

ජවිපෙ කියනව ව්‍යවස්ථා සංශෝධනයට ජනමතවිචාරණයකට යමු කියල. ජනමත විචාරණයකට යෑම දෙමළ සන්ධානයේ වුවමනාවයි. ජනමතවිචාරණය දිනුවත් පැරදුණත් දෙමළ සන්ධානය දිනුම්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More