ව්‍යාපාරික පුවත්

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවය.

එසේම මේ වනවිට වාහන ඇණවුම් කිරීමේදී බැංකුවලට ගෙවන මුදල දෙගුණයකින් වැඩි කිරීම ඇතුළු කාරණා කිහිපයක් නිසා කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් අද වනවිට වාහන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ජපන් යෙන් එකක මිල රුපියල 1.75ක් දක්වා වෙනස් වී තිබීම යන කරුණු නිසා වාහන ආනයන වියදමද පෙර නොවූ පරිදි වැඩි වී ඇති බවද එම සංගමය ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More