විධායක ජනාධිපති ක්‍රමය තුළින් රට ඉතා සීඝ්‍රයෙන් දියුණු කළ හැකි බව තමන්ගේ පෞද්ගලික මතය බව කම්කරු, වෘත්තීය සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
සිය අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රට තුළ යහපත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ජනාධිපතිධූරයේ බලතල භාවිත කළ බව කිසිවෙක් අමතක නොකළ යුතු බවයි දයා ගමගේ මහතා එහිදී පෙන්වා දුන්නේය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය වී ඇති බවත් එය ජනතාවගේ යහපත වෙනුවෙන් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...