GOSSIP

කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් ‍11දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

නිෂාන්ති බණ්ඩාරනායක , එම්.ඞී.ජේ.බී ප‍්‍රනාන්දු , සමනළී ෂානිකා ෆොන්සේකා ,චන්දිමා රවිනි ජිනදාස , දීපාන්ජලී අබේවර්ධන ,සබ්රීනා එසුෆුලි , ෂාරන්‍ය සේකරම් , රන්දුලා ද සිල්වා , මේනකා ගල්ගමුව ,සුජාතා ගමගේ , විශාකා පෙරේරා තිලකරත්න යන මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරියන් ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඒ අනුව කාන්තාවන්ට මත්පැන් මිළඳී ගැනීම මෙන්ම එම මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම වළකාලීමද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව එහි සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More