දේශීය පුවත්

දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටළු අවබෝධකර ගැනීමට හැකියාව ඇත්තේ දෙමළ ජාතිකයෙකුට පමණක් නිසා උතුරු පළාතට දෙමළ ජාතික ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම පිළිබදව තමන් සතුටට පත් වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පවසයි.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් මහතා පත් කිරීම පිළිබදව තමන් සතුටට පත් වන නමුත් ආණ්ඩුකාරවරයා දෙමළ වුවත් ඔහුව පාලනය කරණ රජය සිංහල බෞද්ධකම පමණක් උරුම කරගත් පුද්ගලයින් සිටින රජයක් වීම නිසා දෙමළ ජනතාවගේ ගැටළු වලට නිසි පිළියම් නොලැබෙන බවද කියා සිටියේය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මෙසේ කියා සිටි විග්නේස්වරන් මහතා දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු ලෙස සිතා කටයුතු කිරීම වැදගත් වන බවද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා නව ආණ්ඩුකාරවරයා වෙත සුභ පැතුම් එක් කරමින් පැවසුවේ.

දෙමළ ජනතාව‍ගේ ගැටළු වෙනුවෙන් සම්බන්ධව කටයුතු කළ හැකි දෙමළ නියෝජිතයෙකු පළමු වරට උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ රාගවන් මහතා දෙමළ ජනතාවගේ ගැටළු අව‍බෝධ කරගෙන කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More