දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි වාර්තාවේ.
කලින් සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර ගෙන නැතැයිද දැනගන්නට තිබේ.
මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.
පළාත් ආණ්ඩුකාරවරුන් නව දෙනාගෙන් මාර්ෂල් පෙරේරා මහතා නොමැතිව අට දෙනෙකු ඉවත් කර අලුතින් ආණ්ඩුකාරවරු අට දෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...