විදේශ පුවත්

ලෝක බැංකු ප්‍රධානී ජිම් යොන්ග් කිම් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු පෙබරවාරි පළමුවනදා සිට එම ධුරයේ කටයුතු නොකරනු ඇති.

ලෝක බැංකු ප්‍රධානී ජිම් යොන්ග් කිම් වසර තුනක් පමණ ඉතිරිව තිබියදී ධුරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

59 හැවිරිදි වියේ පසුවන ඔහු එම ධුරයට යෝජනා කර තිබුණේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින්.

හරිත ශක්ති ව්‍යාපෘති සඳහා වැඩි දායකත්වය සැපයූ සහ ගල්අඟුරු ව්‍යාපෘති සඳහා ආයෝජන විශාල වශයෙක් කපාහැරි අයෙකු ලෙසයි කිම් ප්‍රකටව ඇත්තේය.

එමෙන්ම දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු සහ ට්‍රම්ප් පරිපාලනය අතර මතබේදයක් පවතියි.

මේ අතර කිම් ධුරයෙන් ඉවත් වන්නේ ඔහුගේ කැමැත්තෙන් බවත් ට්‍රම්ප් පරිපාලනය ඔහු ධුරයෙන් ඉවත් නොකල බවත් ලෝක බැංකුවේ විධායක මණ්ඩලය නිකුත් කල නිවේදනයක සඳහන්.

කෙසේ නමුත් ලබන පෙබරවාරි පළමුවනදා සිට කිම් ලෝක බැංකු ප්‍රධානි ධුරයේ කටයුතු නොකරන අතර එම තනතුරට වෙනත් අයෙකු නම් කරන තෙක් එහි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටලිනා ජෝජිවා අන්තර්වාර ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More