දේශීය පුවත්

නපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවුණා. ඒ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුවේදීය.

කොළඹ ගාලුමුවදොර පිටියේ පවතින බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදී මෙම උත්සවය පැවැත්වුණි. මෙහිදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.

ඔහු වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවෙයි. මෙම අවස්ථාවට බණ්ඩාරනායක මහතාගේ දියණියක් වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ උදවියද එක්ව සිටියහ.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අදහස් හුවමාරුවක් සිදුනොවුණි. පිළිරුවට පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව ජනපතිවරයා එම ස්ථානයෙන් නික්ම ගියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතර දිගු සංවාදයක් පවත්වන අයුරු දක්නට ලැබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More