දේශීය පුවත්

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සි.බි රත්නායක මහතා පැවසිය.

වත්මන් දේශාපලන තත්ත්වය පිලිබදව දැනුවත් කිරිම සදහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍යය සාකච්ඡාවකදි සි.බි රත්නායක මහතා ඒ බැව් කියා සිටියා.

වත්මන් රජයේ පාලන බලය වැඩිකල් නොයන බවත්, මේ රටේ ජනතාව මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බවත්, සි.බි.රත්නායක මහතා කියා සිටියි.

අග්‍රමාත්‍යයවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දින 55 ක් තුල මේ රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නද වත් මන් රජයෙන් රටේ ජනතාවට එවැනි සහන ලබා නොදෙන බවද සි.බි රත්නායක මන්ත්‍රිවරයා මධ්‍යය හමුවේදි කියා සිටියා.

ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරු පක්ෂග්‍රහිව චක්‍ර ලේකන වලට පටහැනිව එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට රැකියා අවස්තා ලබාදිමට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, එවැනි ආකාරයට රැකි රක්ෂා ලබා දුන හොත් එයට එරෙහිව තමන් නැගි සිටින බවද සි.බි රත්නායක මහතා මේ මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More