දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව අඩු කරගැනීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේ නම් ඔහු සමඟ එක්ව හෝ ‘රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැතිවරුන් වැඩි කරගැනීමේ’ උත්සාහය පරාජයට පත් කිරීමට ජවිපෙ සූදානම් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

තවදුරටත් ලාල්කාන්ත මහතා පැවැසුවේ රටට වැඩදායී දෙයක් වෙනුවෙන් ඕනෑම බලවේගයක් සමඟ එක්ව සාකච්ඡා කර කටයුතු කිරීමට තම පක්ෂය සූදානම් බවය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ වුවමනාව වී ඇත්තේ කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 35ක් දක්වා වැඩි කරගැනීම බවත් එයට ජවිපෙ සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඔහු පැවැසුවේ මුස්ලිම් මන්ත්‍රිවරයකු සිටින බව කියන හෝ වෙනත් කාරණයක් මුල්කරගනිමින් හෝ මෙය ජාතික ආණ්ඩුවක් යැයි සිතා කටයුතු කිරීමට මෙම එජාප ආණ්ඩුවට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 සංයුතිය සෑදී තිබුණේ පළාත් සභා ලංකාවට ගෙන ඒමට පෙර බව පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන ආයතනවලද මන්ත්‍රිවරුන් හා ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර එය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තව තවත් ඉහළ ගිය බවත්ය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (07දා) මරදාන ‘සමාජය හා සාමයික කේන්ද්‍රයේ’ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More