දේශීය පුවත්

මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මේ අතර ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන තුළ දේශපාලනික පළිගැනීම් සිදුකරන බවට මන්ත‍්‍රීවරුන් මෙහිදී ජනාධිතිවරයා දැනුවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් විස්තර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර එම පළිගැනීම් නතර කිරීමට තමන් මැදිහත්වන බවද පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More