තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේදීය.
තමන් විසින් ප්‍රශ්න හතරකට දෙන ලද පිළිතුරු එම ප්රාදේශීය මාධ්‍යවේදියා විසින් වෙනත් ප්‍රශ්න සමඟ අමුණා සියලුම විද්‍යුත් නාලිකා වලට මුදා හැර ඇති බවත් ඒවා විකාශය කර ඇත්තේ එම මාධ්‍ය නාලිකා වල වරදකින් නොව ඒවා මාධ්‍ය නාලිකා වලට ලබා දුන් එම ප්රාදේශීය මාධ්‍යවේදියා විසින් හිතාමතා සිදුකරන ලද සාහසික සංස්කරණය මගින් බව ද මහ ලේකම්වරයා කියා ඇත.
මේ සම්බන්ධයෙන් තමන් එම මාධ්‍යවේදියා අමතා දැඩි ලෙස දෝෂාරෝපණයක් කළ බවද පවසා ඇති දයාසිරි ජයසේකර මහලේකම්වරයා තමන් දිගින් දිගටම කටයුතු කළේ ශ‍්‍රීලනිප දෙපාර්ශවය එක් වීමටත් බිඳුණු සිත් සෑදීමටත් මිස පක්‍ෂය වෙන් කිරීමට භේද භින්න කිරීමට නොවන බව සඳහන් කර ඇත.
යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතැයි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදකාරී අවස්ථාවක එහි මහලේකම් ධූරය භාරගැනීම අර්බුදයක් නොවේ දැයි මාධ්‍යවේදියා විසින් කළ විමසීමකට බවත් පසුව එය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට අමුණා සංස්කරණය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම සිදුවීමක් කුමක්දැයි වේලාසනම විමසූ බවත් තමන් සිදුවීම ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවත් ජයසේකර මහතා එහිදී කියා ඇත.
කෙසේ නමුත් මේ සියල්ල සාවධානව අසා සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ‘දයාසිරි ජයසේකර මහතා දැන් මන්ත්‍රීවරයෙකු පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා නිසා වඩාත් පරිස්සමෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...