ව්‍යාපාරික පුවත්

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව අද (07දා) වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.11ක් බවට පත්ව තිබිණි. එහෙත් පසුගිය දෙසැම්බර් 25 වැනිදා වන විට මෙම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.77ක් දක්වා පහත වැටී තිබිණි.

කෙසේ වෙතත් දෙසැම්බර් 26 වැනිදා වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 54.76ක් බවට පත්විය. අනතුරුව එය දෙසැම්බර් 27 වැනිදා ඩොලර් 52.73ක් දක්වා අඩු වූ අතර, පසුව එය ක්‍රමයෙන් මෙලෙස ඉහළ යෑමක් වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම ලෝක වෙළෙඳ පොළට බොරතෙල් සපයන ප්‍රධාන පෙළේ රාජ්‍යයන් සිය නිෂ්පාදන අඩු කිරීම මීට හේතුව වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචිමාර්ග පවසයි. එසේම ඔපෙක් සාමාජික රටවල් මෙන්ම රුසියාවද ජනවාරියේ පටන් සිය දෛනික තෙල් බැරල් නිෂ්පාදනය බැරල් ලක්ෂ 12කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල ඉහළ යෑම ප්‍රවණතාවක් බවට පත්වීමේ අවස්ථාවක්ද පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More