දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ අද (7) තීන්දු කළේය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණයට බලයක් නොමැති බව සදහන් කරමින් අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.

තවද රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසද අධිකරණය පෙත්සම්කාරියට නියෝග කරන ලදී.

තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැති කොළඹ 12, ශාන්ත බස්තියන් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇති අතර කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබූ රිට් පෙත්සමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹ දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය ඉල්ලා තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More