දේශීය පුවත්

හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සම්පත් ප්‍රනාන්දු මහතා පසුගිය දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩුව පවතින එම තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(7) දිනයේ පත්වීමට නියමිතව ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

අදාල ලියකියවිලි සකස් කරගෙන අද උදෑසන තමා හමුවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

යුද හමුදාපතිවරයා විසින් හමුදා මාණ්ඩලික ප්‍රධානි පුරප්පාඩු සඳහා ජේෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් 10 දෙනකුගේ නම් නිර්දේශ කර ජනාධිපතිවරයා ගේ අනුමැතියට යොමු කර තිබින.

යුද හමුදාවේ දෙවන ප්‍රධාන තනතුර වන මාණ්ඩලික ප්‍රධානී තනතුරට නිර්දේශිත නම් අතර යුද සමයේ අතිශය ජනප්‍රිය චරිත මේ සදහා ඉදිරිපත්කොට තිබුණි.

ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතුන් බවටත් යුද අපරාධ කර ඇති බවටත් ඇතැමුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනු නමුත් ජේෂ්ඨතාවය සලකා බලා කිසිවෙකුට අසාධාරණයක් නොවන ලෙස තීරණයක් ගන්නා බව ජනාධිපතිවරයා ඔවුන්ට පවසා තිබුණු බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More