දේශීය පුවත්

කළගුණ නොදත් අයට සිදුවන්නේ කුමක්ද යන්න අද ඇස් පනාපිටම හෙළි වී තිබෙන බවත්, තමාට අත හිත දුන්, තමන්ට නැඟිටීමට ශක්තිය දුන් පිරිස් අමතක කොට යන ගමන් මඟ සුබවාදී නොවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර තිරප්පනේ සන්දනම්කුලම ගම්මානයේ ඉදි කළ ජල පෙරන පද්ධතියක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීය.

කාහටත් හොඳක් වෙන්නේ කළගුණ හිතේ තිබුණොත් තමයි. තමන්ට අත දුන්නේ කවුද, කවුද තමන්ව ශක්තිමත් කළේ කියන එක මතක තබාගෙන වැඩකළොත් තමයි ඉස්සරහට හොඳ වන්නේ. තමන්ගේ වැඩේ කරගත්තා. දැන් අහවලුන් ඕනෑ නෑ කියලා හිතුවොත් ලොකු ගමනක් නම් යන්න බැරි වෙනවා.

ශ්‍රී ලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවෙන් ගම්මානවලට කළ මෙහෙය විශිෂ්ටයි. ජනතාවට වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ වැඩ කරපු අයගෙන් මිසක් වැඩ කරන්නම් කියන අයගෙන් නෙවෙයි.

වැව් ටික හැදුවා. ලයිට් ටික දාගත්තා. පාර හදාගත්තා. දැන් ඔවුන් එපා කියන අයට පැවැත්ම ටික කාලයයි.

ජනතාව මොන විදියට ඡන්දය පාවිච්චි කළත් නොකළත් අපිට වගකීමක් තියෙනවා, අපි ගත්ත ඡන්දයට, ප්‍රතිඋපකාරි ලෙස ගම්බිම් දියුණු කොට ජනතාවගේ ජනජීවිතය උසස් තත්ත්වයකට ගෙන ඒමට.

හැමෝම සමඟි වී මැතිවරණ කාලෙට මැතිවරණ කරමු. පක්ෂ, පාට, ජාති, ආගම්, කුලමල භේද ඉවතලා හැමෝම ගමත් රටත් රැකගැනීමට උත්සාහ දැරිය යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More