දේශීය පුවත්

ලබන සැරෙත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙවෙයි.ඒ අපේක්ෂකයා වෙනත් පක්ෂයක නැෂනල් අදින සෙරෙප්පු දාන උස එක්කෙනෙක් කණ්ණාඩි දාන කෙනෙක් වෙන්න බොහෝ ඉඩ කඩ තියනවා.යයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් ද සොයිසා මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ(06) ඇඹිලිපිටියේදී සතිපතා පැවැත්වෙන හමුවට එක් වෙමිනි.

මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනුක දිසානායක මහතාගේ නිවසේදී පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් ඉදිරි ජන‍ාධිපති අපේක්ෂකයා පිළිබදව අදහස් දැක්වූ මන්ත්‍රී වරයා,

ඊලග සැරේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න කිහිප දෙනෙක් කැස කවන කොට ඉදිරි පෙලේ ඉන්න නායකයින් ඉවත් කිරීමට කොන්ත්‍රාත්තුව භාර ගෙන එක්සත් ජාතික පක්ෂයේ ඉන්න පසු පෙළ කණ්ඩායම.අද මේ ආණ්ඩුව ඇතුලේ එක්සත් ජාතික පක්ෂයේ නොවන ඇමති වරු කියන්නේ කාටද එක පැත්තකින් විශාල උත්සාහයක් දරනවා දේශපාලන ලෝකයේ කතාන්දර පැතිරෙනවා චම්පික රණවක මහත්මයා ඊලග සැරේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න හදනවායි කියන එක.

චම්පික රණවක මහත්තයාගේ ඒවගේ ආසාවක් තියනවා කාලයක ඉදල.ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළට කියනවා ඔබලා ඔය කෑ කෝ ගැහුවට ආණ්ඩු හැදුවා ඇමතිකම් දුන්නේ නැහැ පරද්දනව කිව්වට ලබන සැරේ ජනාධිපති මැතිවරණයටත් ඉදාරාපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික නැති පිටස්තරයෙක්.මේ අයගේ බලාපොරොත්තු පුස්සක් බවට පත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ රටේ ඉන්න සාමාජිකයන්ට අපි මතක් කරනවා තමුන්නාන්සේලාට මේ පාරත් ජන්දය දෙන්න වෙන්නේ අද ඔය නිග්‍රහ කරන සරත් ‍ෆොන්සේකා වගේ කෙනෙකුට.ඉතිහාසයේ තුන්වැනි වතාවටත් මේ පාරත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඡන්දය දෙන්න වෙලා තියෙන්නේ තමන්ගේ පාක්ෂිකයෙකු නොවන කෙනෙකුට.

තමුන්නාන්සේලා හසුරුවන අපි ගැවසෙන මේ මාධ්‍ය සදහා මාධය ආයතන වලට විශේසයෙන් පුද්ගලික මාධ්‍ය වලට අගමැතිවරයා කිව්වා කලු මාධ්‍යය කියල.මේක පාර්ලිමේන්තුවේදී කල බරපතල තර්ජනයක්.කලු මාධය අපි අඩපන කරනවා කිව්වා.මමත් බැලුවා මේක බලු මාධ්‍ය කියල කිව්වද කියල.බලනකොට හැහැ.කලු මාධ්‍යලු. අර වගේ කතාවක් කිව්වත් රනිල් මහත්තයා අපි පුදුම වෙන්නේ නැහැ.කලු මාධ්‍ය කියල වචනයක් දාගෙන මේවා මර්ධනය කරන්න හදනවා.දැන් මාධ්‍ය මර්ධනයට සූදානම් වෙලා ඉන්නවා.

– ප්‍රගීත් ජනක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More