දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල් දැමීමටත් පළාත් සභා මැතිවරණය අද වන තෙක් කල් දැමීමටත් මැතිවරණවලට බිය රනිල් වික්‍රමසිංහට උදව් කළ ජවිපෙය, අද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරණය අහෝසි කරවීමට උත්සාහ ගන්නේ ද ඔහුගේ දේශපාලන ප්‍රාණය රැක දීමට බවත් එවැනි කටයුතු අද ජවිපෙ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

අද(06) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.

“පෙබරවාරි 04 වැනිදා පාර්ලිමේන්තුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසා තිබෙනවා. ආණ්ඩුවක සභානායක, අගමැති වැනි අයකු කළ යුතු ප්‍රකාශයක් අද සිදු කරන්නේ මේ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුයි. ඔහු දැන් නිල නොවන අගමැති ලෙස කටයුතු කරන බවයි පෙනෙන්නේ.

දෙමළ ජාතික සන්ධානයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇත්තේ ඇයි ? මධ්‍යම ආණ්ඩුවෙන් ස්වායක්ත, උතුරු – නැගෙනහිර ඒකාබද්ධ කොට පිහිටුවන පළාත් සභාවක් ස්ථාපිතකර ගැනීමටයි. මධ්‍යම ආණ්ඩුවට – ආණ්ඩුකාරවරයාට මැදිහත් විය නොහැකි, සමගාමී ලැයිස්තුව අහෝසිකර පිහිටුවන පළාත් සභාව නිසා කුමක් සිදුවේ ද? අද ජනාධිපතිවරයාට, ආණ්ඩුකාරවරයාට මැදිහත් වීමට හැකිව තිබිය දී එසේම සමගාමී ලැයිස්තුව ක්‍රියාත්මක වෙද්දී උතුරු පළාත් සභාව පුරාවස්තු විනාශ කරනවා නම්, සිංහල, මුස්ලිම් ජනතාවට පදිංචි වීමට ඉඩ නොදෙනවා නම්, හමුදා කඳවුරු ඉවත් කරවීමට කටයුතු කරනවා නම් පූර්ණ බලතල ලැබුණොත් කුමක් නොකරයි ද?

වසර තුනහමාරක් තිස්සේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කර ගෙන, මේ ආණ්ඩුව හොර රහසේ කෙටුම්පත් කළ නව ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ ක්‍රියාදාමයට ජනාධිපතිවරයාට කිසිදු ලෙසකින් සහභාගී වීමට මේ පිරිස ඉඩ තැබුවේ නැහැ. ඒ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් ජනාධිපතිවරයාට ඊට එරෙහි විය හැකියි. නමුත් ඒකත් සිදු නොකර කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ ඉඩක් තිබෙනවා. මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව හැදීමට එජාපය, දෙමළ ජාතික සන්ධානය වගේම ජවිපෙත් එක්ව කටයුතු කළා. නමුත් මේ අවස්ථාවේදී ජවිපෙ නායක අනුර දිසානායක ‘නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. 20 ගෙන ඒම ප්‍රමාණවත්’ යැයි කියමින් බොරු මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා.

ජවිපෙ සිය ඉතිහාසය පුරා ජනතාවගේ ඡන්ද අයිතිය රැක දීමට කටයුතු කළ පක්‍ෂයක්. නමුත් වත්මන් ජවිපෙය මේ රනිල්ගේ ආණ්ඩුවට මැතිවරණ කල් දැමීමට ඉඩ හදා දීම තම රැකියාව බවට පත්කර ගෙන තිබෙනවා. පළාත් පාලන ඡන්දය කල් දැමීමට, පළාත් සභා ඡන්ද කල් දැමීමට ජවිපෙ රනිල්ගේ ආණ්ඩුවට උදව් කළා. පාර්ලිමේන්තුවේදී ඊට අදාළ පනත් කෙටුම්පත්වලට පක්‍ෂව ඡන්දය දුන්නා. දැන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරණය අහෝසි කරවීමට හදනවා. ඒ වගේම සීමානිර්ණයන්ට අදාළ සංශෝධන ගෙනවිත් පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දැමීමට උදව් දේවි. ජනතාව ඉදිරියට යන්න බැරි එජාපය සහ ජවිපෙ මැතිවරණ කල් දමා තම දේශපාලන ප්‍රාණය රැක ගැනීමයි අද සිදු වන්නේ.

‘ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්’ රනිල් වික්‍රමසිංහ අගමැතිකම අරන් දැන් රට ස්ථාවර කරලා ද? දැන් රට ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් අස්ථාවර වෙමින් යනවා. ඩොලරය රුපියල් 200ට යමින් තිබෙනවා. 2009 අප්‍රේල් 09 තිබූ තැනට කොටස් වෙළඳපොළේ පිරිවැටුම කඩා වැටුණා. රට යුද බියෙන් ඇලලී තිබූ අවස්ථාවටත් වඩා අද කොටස් වෙළඳපොළ බිඳ වැටෙමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවන්න ආපු හරින්ලා අද මනූෂ නානායක්කාරලාට බලෙන් නියෝජ්‍ය ඇමතිකම් දෙනවා. මේක ද ඔහෙලා කියපු ප්‍රජාතන්ත්‍රවාදය ? අපි මේ තක්කඩි රැලට කියනවා ‘රට තවදුරටත් අස්ථාවර නොකර වහාම මහා මැතිවරණයට ඉඩ සලසා දෙන්න’ කියා.

මෙම මාධ්‍ය හමුවට කැස්බෑව නගර සභාවේ මන්ත්‍රීවරුන් වන රංජිත් පත්මසිරි සහ අතුල සේනානායක මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

.

ආණ්ඩුකාර බලතල තිබියදී, සමගාමී ලැයිස්තුව තිබියදී, බෞද්ධ පුරාවස්තු විනාශ කරනවානම් සිංහල – මුස්ලිම් ජනතාව පදිංචිකරනවාට විරුද්ධ වෙනවානම් උතුරට පූර්ණ බලය දුන්නොත් කොහොමද?2019-01-06 ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්

Gepostet von Jathika Nidahas Peramuna am Samstag, 5. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More