විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ.
චීන, සිංගප්පුරු සහ හොංකොං ආයෝජකයින් රැගත් අදාළ පෞද්ගලික ගුවන් යානය මෙරටට පැමිණ තිබුණේ පසුගිය 3 වැනිදායි.
කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට ගොඩබැස්සූ යානය විශේෂ අවසරයක් සහිතව ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයට ගොඩබස්වා තිබිණ.
ඒ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ අවසරයකට අනුවයි.
අනතුරුව අදාළ යානය මෙරට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් මෙරටින් පිටව ගොස් තිබේ.
මෙරට ආගමන – විගමන නීතිය සහ සිවිල් ගුවන් සේවා නීතියට අනුව විදේශිය ගුවන් යානයකට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් රටින් පිටවීමට අවසරයක් හිමිනොවේ.
ඒ අනුව අදාළ ගුවන් යානය මෙරටින් පිටව ගොස් ඇත්තේ නිසි අනුමැතියකින් තොරවයි.
ආගමන – විගමන දෙපාර්තමේන්තුවෙන් රටින් පිටවීම සඳහා නෞකාවලට ලබාදෙන අවසරයක් ලබා ගනිමින් අදාළ ගුවන් යානය මෙරටින් පිටව ගොස් ඇති බව ද වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...