හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඉදිරියේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අනුශාසකත්වය සහ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා නතේ ගුවන්විදුලිය වෙත අදහස් දක්වමින් අවධාරණය කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් “සම්පූර්ණයෙන්ම චන්ද්‍රිකා මැතිණියගෙ නායකත්වයෙන්..රාජිත සේනාරත්නගේ ආශිර්වාදයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් තමයි මේ කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳ වාර්තා අපිට ලැබිලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ හිටපු ජනාධිපතිනිය අපේ පක්ෂයේ අනුශාසකවරියක් ලෙස කටයුතු කිරීම කාලෝචිතයි කියලා අපි හිතන්නේ නෑ. එතුමිය ගැන තීරණයක් ගන්න වෙනවා.” යනුවෙන් සඳහන්ද පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...