දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය නොකරන ලෙසත්, ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ අද(17 )දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය . අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වූයේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ කාර්යාලයේදී ය.

වර්තමානයේ පවතිනුයේ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් බැවින් ජනාධිපතිවරයා සමග අනවශ්‍ය ගැටුම් ඇති නොවන සේ සියලු දෙනා ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

සුසිල් ප්‍රේම්ජයන්ත, ඩිලාන් පෙරේරා, ඉසුර දේවප්‍රිය වැනි අය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාවරයා සහ එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විවේචනය කරන බව පෙන්වමින් මෙහිදී ඇමතිවරු කිහිපදෙනෙකු අදහස් දක්වා ඇත. එම විවේචනයන් නතර කළ යුතු බව ඔවුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත.

එම් විවේචන නතර කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වන බව ප්‍රකාශ වුණ බවත් මින් පසු එවැනි විවේචන සිදුනොවනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබන් රහුමාන්, නලින් බණ්ඩාර යන මහත්වරු ද අදහස් දක්වා ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More