දේශීය පුවත්

මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය වූ අතර එම අවස්ථාවට එක්ව සිටි ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංගට විරෝධයක් එල්ල වී තිබේ.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී අමාත්‍යවරයා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහය පළ කරන ආධාරකරුවන් විරෝධතා පුවරු රැගෙනවිත් විරෝධය පළ කිරීමත් සමග අමාත්‍යවරයා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමද ප්‍රතික්ෂේප කරමින් ඉන් පිටව ගොස් තිබේ.

විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ මෙම දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිකරන ලද එකක් බවයි. අදාළ නිරීක්ෂණ දුම්රිය ධාවනයට එක්කර තිබූ දුම්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහ බැනර් සවි කරමින් විරෝධතාකරුවන් කටයුතු කර ඇත.

ඒ අනුව අවස්ථාව ආවරණය කිරීම සඳහා කොළඹ මාධ්‍ය ආයතනවලින් ආරාධනා කර බස් රථයක් දමා ගෙන්වා තිබූ රජයේ සහ පෞද්ගලික ආයතනවල මාධ්‍යවේදීන්ද මග දමා අමාත්‍යවරයා පිටව ගිය බව එහි සිටින මාධ්‍යවේදීන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More