ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහය දැක්වීමේ අරමුණින් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු 21 ක් ආණ්ඩුවට එකතුවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට රුපියල් මිලියන 400 බැගින් ලැබෙන බවට වැඩිදුරටත් වාර්තා වන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අනාවරණය කරයි.
ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පෙරේදා (04 දා) දහවල් රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතා හෙතෙම මේ බව කියා සිටියේය.
ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. සුමන්තිරන් විසින් 2/3 ක ඡන්දයෙන් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නා බවට තහවුරු කර ඇත්තේ මෙම මන්ත‍්‍රී කණ්ඩායම බිලි බා ගැනීම සනාථ වීම නිසා යැයිද වීරසේකර මහතා කීවේය.
මේ මුදල් කොටි ඩයස්පෝරාවේ මුදල්. එය ඩයස්පෝරාව සතු මුදල් සම්බාරයෙන් සොච්චමක් යයි පැවසූ රියර් අද්මිරාල්වරයා එය ඩොලර් මිලියන 2 කට සමාන බවද කීවේය.
මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් යුරෝපා සංගමයේ නියෝජිත වෙත පැවසුවේ නව ව්‍යවස්ථාව සූදානම් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...