දේශීය පුවත්

කළකිරීමට පත්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට තමන් කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියළු දේශපාලන පක්ෂවල සංවිධායකවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය මත එක්සත් ජාති පක්ෂය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා කෙටුම්පත් සකස් කරමින් සිටින බව යි.

කෙසේවෙතත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හෝ එහි සංශෝධන සිදු කිරීමට වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ බහුතරය පෙන්වපු එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ සුළුතරයබවට පත් වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More