වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය
ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලූවිහාරයේ දී පැවැත්විණි.
වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාම මෙහි අරමුණ වෙයි.
ක්‍රිස්තු පූර්ව 03 වන සියවසේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස උරුම වූ ථෙරවාදි ත්‍රිපිටකය රාජ්‍ය ගෞරවය ලබමින් ශත වර්ෂ ගණනාවක් මෙරට තුළ පෝෂණය විය.
විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඩ කර ඇත්තේ ද මාතලේ අලුවිහාරයේදී බව සඳහන්ය.
මහා සංඝරත්නය දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමිව දිවයින පුරා විරාස්ථානවල දි ආගමික වතාවත් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටින ලදි.
සදා වන්දනීය පූජනීය ත්‍රිපිටක පොත් වහන්සේ ජාතික උරුමයක් බවට පත්කිරීමේ රාජ්‍යය මහෝත්සවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අළු විහාරයේ සිට සජිව විකාශය
Gepostet von Maithripala Sirisena am Freitag, 4. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...