දේශීය පුවත්

කැබිනට් ඇමැති ධුර කිහිපයක් හා අමාත්‍යංශ විෂයයන් කිහිපයක වෙනසක් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට කැබිනට් ඇමැති ධුර දරන කිහිප දෙනකු ඉවත් වී ඒ සඳහා අලුතෙන් ඇමැති ධුර පත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී ඇමැති ධුරවල දිවුරුම් දුන් අවස්ථාවලදී ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වන පොරොන්දුව මත දිවුරුම් දුන් තිලක් මාරපන, මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් ඉවත්වී අලුතින් පත්වීමට නියමිත කැබිනට් ඇමැතිවරුන් සඳහා අවස්ථාව ලබාදීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පාලිත රංගේ බණ්ඩාරට කැබිනට් ඇමැති ධුරයක් ලබාදීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ‘අරුණ’ ඔහුගෙන් කළ විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ට ඒ බවක් මෙතෙක් දන්වා නොමැති බවයි.

මීට අමතරව තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අටදෙනකුට රාජ්‍ය ඇමැති ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිතය. තනි පක්ෂයක් ආණ්ඩුවක් පිහිටු වූ පසු කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30ක් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40ක් නොඉක්ම විය යුතු බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

මීට අමතරව අමාත්‍යංශ විෂයයන් ඇතුළත් ගැසට් පත්‍රයද මේ අනුව වෙනස් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත. දැනට වැඩිම විෂයයන් ප්‍රමාණයක් ඇතුළත්ව මුදල් කෘෂිකර්ම, ජාතික ආර්ථික කටයුතු කර්මාන්ත, වැවිලි කර්මාන්ත, නිවාස යන අමාත්‍යාංශ යටතේ අයත් විෂයයන් වෙනස් කර ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා චම්පික රණවක යන ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ යටතට එම විෂයයන් ගැසට් කිරීමටද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More