දේශීය පුවත්

ප්‍රභූ ආරක්ෂාව අනතුරේ

January 5, 2019 11:29 am | Lanka Lead News

ප්‍රභූ ආරක්ෂාව සඳහා සුදුසුකම් නොලත් ආරක්ෂකයන් සියයට හැත්තෑවක් පමණ ප්‍රභූවරුන් විසින්ම සේවයේ යොදවා ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සිටින ආරක්ෂකයන් මසකට වරක් ශාරීරික අභ්‍යාස පුහුණුව, වෙඩි තැබිමේ පුහුණුව කළ යුතු වූවත් මේ වන විට එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට ප්‍රභූ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයෙන් ප්‍රභූන් ලබාගෙන සිටින්නේ විශ්‍රාම යාමට ආසන්න වයස අවුරුදු පනහට වැඩි තරබාරු ශරීරයකින් හෙබි පුද්ගලයන් වේ.

එබැවින් ප්‍රභූ ආරක්ෂාව සඳහා වයස හතළිහට අඩු පිරිස් නිර්දේශ කර නව වැඩපිළිවෙළක් ‍පොලිස් දෙපාර්තමේන්තුව විසින් සකසා තිබේ. නමුත් ඊට ඇතැම් මැති ඇමැතිවරුන්ගේ සහය නොලැබෙන බවත් ඔවුන් පරණ ආරක්ෂක නිලධාරියාවම තබා ගැනීමට කටයුතු කරන බවත් ‍පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More