දේශීය පුවත්

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිත වේ.

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර තුනකිනි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාද, තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගමද දක්වා ද වේ. මෙයින් පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරිමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි. චීන එක්සිම් බැංකුව (China Excem Bank) මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයයි. මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශණය යටතේ එහි අධීක්ෂණ කටයුතු සිදු කෙරේ. ඉදිකිරිම් කටයුතු භාර ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කෝර්පරේටිව් සමාගමයි. (China machinery Import Export Cooperative) උප කොන්ත්‍රාත්කරු ලෙස චයිනා රේල්වේ සර්විසස් සමාගම(China Railway Services Company) කටයුතු කරයි.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. ඒ කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත වේ. පිලදූව, වෙහෙරහේන යන ස්ථානවල උප දුම්රිය ස්ථාන 02ක් ස්ථාපිත කර ඇත. උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 03කින් සමන්විතය. මෙයින් ප්‍රධාන දුම්රිය ස්ථානය වූ බෙලිඅත්ත දුම්රිය ස්ථානය මීටර් 110ක දිගින් යුතු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලකින්ද, මීටර් 250 – 300 පමණ දගිකින් යුතු වේදිකා 03කින්ද සමන්විත වේ. දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගීන්ට මාරුවීමට මගී ගුවන් පාලම් වෙනුවට මගී උමං මාර්ග ඉදිකිරිමද විශේෂත්වයකි. බෙලිඅත්ත මෙන්ම සෙසු දුම්රිය ස්ථානවලද මගී ගුවන් පාලම් වෙනුවට දක්නට ලැබෙන්නේ මගී උමං මාර්ගයි.

ලංකාවේ දිගම දුම්රිය උමඟද පිහිටා ඇත්තේ මාතර ‍- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වේ. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උම‍ඟෙහි දිග ප්‍රමාණය මීටර් 615කි. මීට පෙර දිගම දුම්රිය උමඟ වූයේ සිංගිමලේ උමඟය. එය මීටර් 559 ක දිගකින් යුතුවේ. එමෙන්ම මීටර් 268ක දිගින් යුතු බඹරැන්ද දුම්රිය උමඟද මාතර බෙලිඅත්ත මාර්ගයේ වේ.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ 10% පමණ දිවෙන්නේ ගුවන් පාලම් මතිනි. එහි මාතර කැකණදුර දක්වා කොටසේ එක් ගුවන් පාලමක්ද, බඹරැන්ද සිට වැව්රුකන්නල දක්වා කොටසේ කිලෝමීටර් 1.5ක දිගින් යුතු ගුවන් පාලමක්ද වේ. එයින් බඹරැන්ද සිට වැවුරුකන්නල දක්වා වූ ගුවන් පාලම ලංකාවේ උසම හා දිගම දුම්රිය ගුවන් පාලම බවට පත් වේ.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය වැටී ඇත්තේ නිල්වලා ගඟ හරහාය. මෙම දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 18ක්ද, පාලම් 12ක්ද, බෝක්කු 49ක්ද, උඩබිම් මාර්ග 23ක්ද, යටබිම් මාර්ග 16ක් හා උඩ බිම් මාර්ග 08ක් ඉදි වි ඇත.

– තමීර මංජු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More