නිල කාර්යාල හෝ පහසුකම් ඇතත් නැතත් අපි ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකරන බව හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එ.ජා.ප. විරෝධී සියලු පක්‍ෂ එක්ව පුළුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
විපක්‍ෂ නායක ධුරයට හිමි නිල කාර්යාල හෝ පහසුකම් කිසිවක් මෙතෙක් නොලැබුණත් ආණ්ඩුව ගෙන යන අන්ත දූෂිත හා මර්දනකාරී ක්‍රියා පිළිවෙත පරාජය කිරීම සඳහා ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු කාර්යභාරය නොපැකිළිව ඉටු කිරීමට තමා කැපවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (04 දා) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමිනි.
මෙම වර්ෂය මැතිවරණ වර්ෂයක් බැවින් ඒ සඳහා මුහුණදීමට තම කඳවුර ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍යව පවතින බවත් විශේෂයෙන්ම පසුගිය දින පනහේ ආණ්ඩුව තුළින් රටට දිනාදුන් ජයග්‍රහණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම මේ මොහොතේ ප්‍රමුඛ කාර්යයක් බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...