විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සහ ඊට අදාළ නිල කාර්යාල ලබාදීමට අද(04) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා එකඟ වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි
එමෙන්ම 2019 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය කළ බව වාර්තා වෙයි.
ලක්ෂ්මන් කිරිඇල්ල, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, රාවුෆ් හකීම්, යන අමාත්‍යවරුන් ද නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අනුර කුමාර දිසානායක, සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන්ගේද ප්‍රධානකත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
මේ සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගි වී නොසිටි බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...