ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (4) එම සිද්ධියේ පැමිණීලිකරු වූ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය.
පැමිණීලිකරු මුල් අවස්ථාවේදී ලබාදුන් කරුණුවලට අමතරව වෙනත් හා වැඩිමනක් කරුණු මාධ්‍ය වෙත මුදාහැර මෙම විමර්ශන වෙනත් මඟකට යොමු කිරිමට උත්සාහ කරන බව පෙනී යන බවත්, තමන් දන්නා යම් තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වෙත පමණක් ප්‍රකාශ ලබා දෙන ලෙසත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්ති ප‍්‍රකාරව නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය අනුව අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...