දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපත්ක් ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළි හිස් අතින් පැමිණීමට සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග කථානායක කරු ජයසූරිය මහතා හමුවීමට අද (17) පෙරවරු 10.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට ගිය බවත් කථානායකතුමා නොපැමිණි නිසා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මුණගැසී බැඳුම්කර ජනාධිපති කොමිසමේ‍ෙ පිටපතක් ඉල්ලා සිටි බවත් සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

ඒ වන විට ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබී නොමැති බවත් අද දිනය තුළ එය ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති නිසා එය අද දිනය තුළ අනිවාර්යෙන්ම ලබාදෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කළ බව ද සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. 23 දා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධ්‍යනය කිරීම සඳහා ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවද සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

මෙම බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව ලැබුණු පසු කථානායක කරු ජයසුරිය මහතා දැනුවත් කොට කථානායක වරයාගේ උපදෙස් පරිදි ප්‍රතමයෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට පිටපත බැගින් ලබාදීමට ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කළ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්මේලින්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More