දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින් නමක්ද යොදා ගනිමින් ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන ආණ්ඩුකාරවරයා වන්නේ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැස්බෑව ආසන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා මෙහිදී අණාවරනය කළේය.

තම සංවිධානය දෙවැනි රැස්වීම පවත්වන ලද්දේ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවසේදී බවත් එය සියළු දෙනා දන්නා කාරණාවක් බවත් ඒ මහතා එහිදී පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් නව නායකත්වයක් පක්‍ෂයට ලබා දිය යුතු බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් පළ වූ අතර ජනාධිපතිවරයාටද දැඩි දෝෂාරෝපණයක් එල්ල කරනු ලැබීය.

මේ අතර දයාසිරි ජයසේකර මහතාමාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ශ‍්‍රීලනිපය එජාපය සමග එක් කිරීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුකාරවරයෙක් ඇතුළු සංවිධායක පිරිසකගේ ධුරයන් ඉතා ඉක්මනින් අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනනිසා ඔවුන් කලබලයට පත්ව ඇතිබවය.

කෙසේ වෙතත් ඔවුන් පක්ෂය හැර නොයන බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More