මුහුණු පොතෙන්

හක්කපටස් ආහාරයට ගැනීමෙන් රෝගීව සිටින වනඅලියෙකු කැටුව පැමිණි තවත් වන අලියෙකු විහාරස්ථානයක බෝධීන් වහන්සේ වටා පැදකුණු කර ගාන්ඨාරය ද තෙවරක් නාද කර විහාරය භූමියේ පිහිටි දේවාලය දෙස නිසොල්මන්ව බලා සිට යළි කැලයට පිටත්ව ගිය දුර්ලභ සිද්ධියක් කැකිරාව ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

කැකිරාව ඇලගමුව බරාවිල සුදර්ශනාරාම රජ මහ විහාරස්ථානයේදී එම සිද්ධිය සිදුව තිබේ. එම සිද්ධිය විස්තර කළ කැකිරාව බරාවිල සුදර්ශනාරාම රාජ මහාවිහාරාධිකාරී පූජ්‍ය තම්මැන්නාගම බුද්ධරක්ඛිත හිමියෝ මෙසේ පැවැසූහ.

‘‘පන්සලේ බෝධිය පැත්තෙන් සද්දයක් ඇහුනා. මම විදුලි පන්දමත් අරගෙන එළියට බැහැලා බැලුවා කවුද මේ රෑ පන්සලේ වත්තේ සැරිසරන්නේ කියලා මම ඒ වෙලාවේ දැක දේ පුදුම සහගතයි.

පන්සල් වත්තට අලි දෙන්නෙක් ඇවිත් හිටියා එක අලියෙක් ටිකක් පොඩි එක්කෙනෙක්. අනික් එක්කෙනා නම් ටිකක් ලොකු කෙනෙක්. මේ දෙන්නා පන්සලේ බෝ මළුව පැතේ ඉදලා පඩි පෙළ බැහැගෙන පන්සල් වත්තේ තියෙන දේවාලය පැත්තට යනවා.

පස්සේ දේවාලය ඉදිරිපිට තියෙන ගණ්ඨාර කුළුන ළගට ගියා. පස්සේ ලොකු අලියා ගණ්ඨාරයේ ලණුව අල්ලගෙන තුන්පාරක් ගණ්ඨාරය ගැහැව්වා. ඊට පස්සේ ගණ්ඨාරයේ ලණුව කඩලා කුළුණ මුල බිම දාලා එතැනම තියෙන දේවාලය ඉදිරිපිටට වී නිසොල්මංව ටික වේලාවක් දේවාලය දෙස බලා ගෙන හිටියා.

මේ දේවාලය බොහොම හාස්කම් තියෙන දේවාලයක්. ඊට පස්සේ ඒ දෙන්නා පන්සල් වත්තේ කැලේ පැත්තට යන්න ගියා. ඒ වෙලාවේ මම උගුර පාදලා මොකද මේ රෑ ඇවිද ඇවිද කරන්නේ කරන්නේ කියලා අලින්ට කරුණාවෙන් කතා කළා.

ඊට පස්සේ ඒ දෙන්න කැලේ ඇතුලටම යන්න ගියා. පස්සේ මම බෝමළුව දෙසට ඇවිත් බැලුවම දැක්කා ඒ අලි දෙන්න බෝ මළුවට මුලින්ම ඇවිත් තියෙන බව. ඒ අලි දෙන්නා බෝමළුව වටේ ඇවිදලා තිබුණා. හැබැයි බෝධින් වහන්සේටවත් ඒ අසළ වෙන යමකට හෝ කිසිම හානියක් කරලා තිබුනේ නැහැ.

මේ ආව අලි දෙන්නගෙන් පොඩි අලියා හක්කපටස් කාලා තුවාල වෙලා ඉන්න අලියෙක් බව දැනුණා. ඒ සතා ට ඇවිද ගැනීමේ අපහසුතාවකුත් තියෙනවා. ඒ ගැන ගමේ අයත් කළින් දා මට මේ අලි දෙන්නා ගැන කියලා තිබුණා.

රෝගාතුව ඉන්න පොඩි අලියගේ ආරක්ෂාවට වගේම එයාගේ උදව්වට ලොකු එක්කෙනා නිතරම එයා ළ`ග ඉන්නවා. මේ අලි දෙන්නා දැන් දවස් ගණනක් පන්සල් වත්ත පිහිටි ගල් කන්දේ සැරිසරනවා.

තිරිසන් ආත්මයක් ලබා සිටියත් බුදු දහමත් එක්ක සම්බන්ධකම් පවත්වන තමන්ට පාපතර මිනිසකු නිසා අත්ව ඇති ඉරණම හා තමන්ට ඇති වී තිබෙන වේදනාව ගැන දෙවියන්ට කියන්න මේ අලි පන්සලටත් එන්න ඇති කියලා හිතෙනවා.

මේ සිද්ධිය දැකලා මට පුදුම හිතුණා මම ඒ වෙලාවෙම ගල්කිරියාගම වනජීවි කාර්යායේ නිලධාරීන්ට මේ රෝගාතුරව ඉන්න වනඅලියා ගැන විස්තර කිව්වා.

පූජ්‍ය තම්මැන්නාගම බුද්ධරක්ඛිත හිමියන්ගේ දැනුම් දීම මත ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරීන් අද (3) වල් අලින් දෙදෙනා සොයා මෙහෙයුම් ඇරඹීය.එම ගම්වාසීහු ද එම මෙහෙයුමට සහය වූහ.

විහාරස්ථානයට ආසන්නයේ ඇති අඩි 300ක් පමණ උස්වූ ගල් කන්දක් මුදුනේ රැඳී සිටි වනඅලින් දෙදෙනා වනජීවී නිලධාරීන්ට හමුව තිබේ.

රෝගී අලියා සමීපයට ගොස් නිරීක්ෂණය කිරීමට යාමේදී අනෙක් වන අලියාගෙන් බාධා එල්ල කළ බව නිලධාරීහු පවසති.

හක්කපටස් ආහාරයට ගැනීමෙන් අනතුරට ලක්ව රෝගාතුරව තවත් අලියෙකුගෙන් රැකවරණය ලබමින් සිටින වනඅලියාට අවශ්‍ය පශු වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු කඩිනමින් ඇරඹීමට කටයුතු යොදා ඇති බව ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීහු පැවැසූහ.

Lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More