දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයන් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ද සමගය.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මූලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර මේ වන විට ඒ කාර්යය ද අවසන්ව පවතියි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටියි.

විධායක ජනාපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩිකිරීම, පළාත් සභා විධිමත් කිරීම, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල පැවරීම ආදී වැදගත් යෝජනා නිර්දේශ රැසක්ම විශේෂඥයන් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙතැයි රජය ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More