දේශීය පුවත්

දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැක පිට හැටන් පොලිසිය මගින් (03) අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි සැකකාරිය (02) පෙරවරු 11 ට පමණ සිගිතිට මව් කිරි දි නිදි කරවා පසුව ගෙවත්තේ කැලි කසල බැහැර කිරිම සදහා කපා තිබු වලකට දමා පස් වලින් එම වල වසා දමා ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

සිගිතිය නිවසේ නොමැති බව එම නිවසේ පදිංචිව සිටි සැකකාරියගේ මව සහ ඥාතින් සොයා බලා ඇති අතර, සැකාකාරිය විසින් ඔහුන්ට පවසා ඇත්තේ සිගිතියව තම ගෙවත්තේ වල දැමු බවයි .

සැකකාර 28 හැවිරිදි කාන්තාවගේ මව සහ ඥාතින් එක්ව සිගිත්තියගේ සිරුර ගොඩ ගෙන මව් කිරි දෙමින් සිටියදි සිගිතිය එක වරම ජිවිතක්ෂයට පත් වු බව පවසමින් සිගිතියගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහල වෙත භාර දි සිගිතියගේ මවද රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උ.පො.පා ප්‍රදිප් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සිදු කරන ලද පොලිස් පරික්ෂණයකදි මිය ගිය සිගිතියගේ ගෙල වටා පස් තැවරි ඇති බවට අනාවරණය විමත් සමග සැකකාරිනියගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරිමකදි තම සැමියා සමග මාසයක පමණ කාලයක් පවතින ආරවුලක් හේතුවෙන් සිගිතියව පස් දමා පන පිටින් වැලළු බව සැකකාරිනිය විසින් පොලිසියට පාපොච්චාරණය කර ඇති බවයි විමර්ෂණ සිදු කරන නිලධාරින් කියා සිටියේ .

මෙම ඝාතනයට අනුබල දිම සහ වසන් කිරිම සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගේ මවද හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකාරි පොලිස් අරක්ෂාව යටතේ දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි .

සැකකාර කාන්තාවගේ සැමියා මහනුවර ප්‍රදේශයේ කුලිකරුවෙකු වශයෙන් සේවය කරන බවත්, මෙම ඝාතනය සිදු වන අවස්තාවේ සැමියා නිවසේ නොසිටි බවත් පොලිසිය පවසයි.

මිය ගිය සිගිතිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේදි සිදු කිරිමට නියමිත අතර සැකපිට අත්අඩංගුවට ගත් සැකකාරිනියන් දෙදෙනා හැටන් මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More