දේශීය පුවත්

විදේශ ණය ආපසු ගෙවීම සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේන් සිට ඇ.ඩො. මිලියන 1000 ක් ලබා ගැනීමට විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රබල විරෝධයක් එල්ල කර තිබේ.

රජයේ ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සදහන් කලේ ඊයේ (04) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයෙදී මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවය.

කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට පෙරාතුව සමරවීර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර තිබිණි.

අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇත්තේ විදේශීය ණය ආපසු ගෙවීම සදහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදා ගැනීමෙන් සාමාන්‍ය ජනයාගේ ඉතිරි කිරීම් අවදානමට පත් වන බවය.

ණය ආපසු ගෙවීම් සඳහා මුදල් සොයා ගැනීමට විකල්ප ක්‍රම සොයා ගත යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරත් පවසා තිබේ.

කරුණානායක මහතාගේ විරෝධතා නොතකා කැබිනට් පත්‍රිකාව සම්මත විය.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් සමරවීර සහ කරුණානායක මහත්වරුන් අතර අර්බුදයක් ඇති විය.

මුදල් අමාත්‍යංශය ලබා නොදුනහොත් තමා විපක්ෂයට වාඩි වනු ඇති බවට සමරවීර මහතා තර්ජනය කර ඇති බවද වාර්තා වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More