දේශීය පුවත්

මොරටුව මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු එම මහනගර සභාවේ බලය හිමි පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තිබේ.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද(03) පැවැති සභාවාරයේදී ඔවුන් සිව් දෙනා තම පක්ෂයේ වැඩපිළිවෙලට කොන්දේසි විරහිතව සහය පල කළ බවයි.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමට අනුව මොරටුව මහ නගර සභාවට පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 23 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී 16 දෙනෙකු, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරු සිව් දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු සිව් දෙනෙකු සහ ජාතික ජනතා පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රීවරුන් 48 දෙනෙකු තේරී පත්ව තිබුණි.

නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරයා ද මීට ඉහතදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පල කර තිබූ බවයි.

මේ වන විට මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 28 දෙනෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More